2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:14
නවතම පුවත්

විනිසුරුවරුන්ට විශේෂ සෞඛ්‍ය රක්ෂණයක්: ජුනි 17 සිට ක්‍රියාත්මකයි

රජය විසින් සියලුම අධිකරණ විනිසුරුවරුන් සඳහා විශේෂ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙය ජුනි 17 වැනිදා සිට ක්‍රියාත්මකයි.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, මහාධිකරණ විනිසුරුවරුන්, සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් සහ කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන් දැනුවත් කර ඇත්තේ, අවශ්‍ය නම් මෙම නව රක්ෂණාවරණය සඳහා ලියාපදිංචි වන ලෙසයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, විනිසුරුවරුන් 350කට අධික පිරිසකට මෙම නව සෞඛ්‍ය රක්ෂණාවරණය හිමිවීමට නියමිතය. මෙම රක්ෂණ ක්‍රමය පෞද්ගලික රක්ෂණ සමාගමක් හරහා ක්‍රියාත්මක වන අතර, 2025 ජුනි 17 සිට 2026 ජුනි 16 දක්වා කාලය සඳහා වලංගු වේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය පැවසුවේ, මෙම රක්ෂණාවරණය යටතේ රුපියල් ලක්ෂ 5ක වටිනාකමකින් යුත් සෞඛ්‍ය ප්‍රතිලාභ හිමිවන බවත්, බාහිර සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා උපරිම වශයෙන් රුපියල් 35,000ක් ආවරණය වන බවත්ය.

මෙම රක්ෂණ ක්‍රමය සඳහා දායක වන විනිසුරුවරයා වෙනුවෙන් ගෙවිය යුතු මුදලින් 75%ක් රජය විසින් දරනු ලබනවා. රක්ෂණය සඳහා ලියාපදිංචි වන සෑම විනිසුරුවරයෙකුම පළමු වාරිකය 2025 ජුනි මාසයේ වැටුපෙන් රක්ෂණ ආයතනය වෙත යොමු කළ යුතු අතර, ඉන්පසු සාමාජික කාඩ්පත නිකුත් කිරීමට නියමිතයි.

විශේෂත්වයක් ලෙස, විනිසුරුවරුන්ට තම කාලත්‍රයා සහ දරුවන් ද මෙම රක්ෂණ ක්‍රමයට දායක කරගැනීමට අවස්ථාව හිමිවනවා. ඒ සඳහා වන වාරික මුදල වාරික 4කින් ගෙවීමේ හැකියාවද පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories