මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලින් මුදාගෙන හමුදා කඳවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් මියන්මාර අගනුවරට රැගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ එරට විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් අතරයි.
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගත් ලාංකිකයින් ඇතුළු 7000 ක පමණ පිරිසක් එරටින් පිටවීමට නොහැකිව සිටින්නේ, තායිලන්තය සිය දේශසීමා හරහා ගමන් කිරීමට අවස්ථාව නොදීම හේතුවෙන් ය.
මීට පෙර ඒ ආකාරයට මුදාගත් ලාංකිකයින් ඇතුළු පිරිස් මියන්මාරයෙන් පිටවූයේ තායිලන්ත දේශ සීමාව හරහායි.
මුදාගත් ලාංකිකයින් 15 දෙනා මේ වනවිට සිටින්නේ, හමුදා කඳවුරුවලයි.