විදේශීය රටක නිෂ්පාදිත ‘මයික්‍රෝ’ වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි හිටපු හමුදා සෙබළෙකු පිළියන්දල ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මනුෂ්‍ය ඝාතනා හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ විමර්ශන ගොනුවකට අදාළව, එම අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පිළියන්දල ප්‍රදේශයට ගොස් මෙම මෙහෙයුම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වන අතර, පිළියන්දල, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි