ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා වල නිරතව සිටින හා යළි දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සදහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශයය කියයි.
මේ සදහා අයැදුම්පත් හා විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරී වෙතින් ලබා ගැනිමට පහසුකම් සලසා ඇත. විදේශ සේවා නියුක්ති කාර්යංශයය පවසන්නේ එක් ශිෂ්‍යයෙකුට එක්වරක් පමණක් රුපියල් 10,000ක් පමණ වටිනා පාසල් උපකරණ සදහා වවුචර්පතක් අදාල ශ්‍රමිකයා පදිංචි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛා කාර්යාලය මගින් නිකුත් කරනු ලබන බවයි.
කාර්යංශය කියා සිටියේ, මෙම පාසල් උපකරණ ලබා දීම ක්‍රම 02ක් ඔස්සේ සිදු කරනු ලබන අතර දැනට විදේශගතව සිටින දෙමාපියන්ගේ රජයේ පාසල් වල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා ඉගෙනුම ලබන දරුවන් සදහා මෙන්ම විදෙස්ගතව සිට නැවත දිවයිනට පැමිණ වසර 5ක් නොඉක්මවූ දෙමාපියන්ගේ දරුවන් සදහාද පාසල් උපකරණ ලබාගැනීම සදහා රු.10,000ක් වටිනා වවුචර්පත් ලබා දිම සිදු කරන බවයි.