සූරියවැව රන්දියගම ප්‍රදේශයේ දී 38 හැවිරිදි සිව්දරු මවක් වන එනෝෂා හර්ෂණී සහ අවුරුදු 5ක් වයසැති ගඟන ඉඳුවර නැමැති ඇයගේ පුංචි පුතු විදුලි සැර වැදි මියගොස් තිබේ.
ඊයේ (05) සවස මෙම පුංචි පුතු පෙර පාසල් ගොස් පැමිණ නිවස පිටුපස ප්‍රදේශයේ සිය කුඩා පාපැදිය පදිමින් සෙල්ලම් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේ නිවස ආසන්නයේ පිහිටි ඉඩමේ ඇති බේකරියක සහ නවතා තිබූ ලොරි රථයක ආරක්ෂාවට නීතිවිරෝධි ලෙස ඇඳ තිබූ විදුලි කම්බියක මෙම සිඟිත්තා පැටලී තිබෙන අතරම, මව සිය පුතු විදුලි කම්බියේ පැටලී ඇති බව දැක කෑ ගසමින් පුතු බෙරා ගැනීමට උත්සාහ දරා ඇත.
එහිදී විදුලි සැර වැදී ඔවුන් දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතරම පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ නීතිවිරෝධීව ඇද තිබූ අනාරක්ෂිත විදුලි කම්බියේ විදුලිය ඒ වන විටත් විසන්ධි කර නොතිබුණු බවය.