2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 16:54
නවතම පුවත්

විදුලි බිල වැඩි වුණත් කර්මාන්තවලට කිසි ප්‍රශ්නයක් නැතිලු

විදුලි ගාස්තු ඉහළ දැමීම කර්මාන්ත සඳහා සමස්තයක් ලෙස සැලකීමේදී විශාල බලපෑමක් සිදු නොකරන බවට මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම අද (ජුනි 13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය ආර්ථික ක්ෂේත්‍රය තුළ පුළුල් කතාබහකට ලක්ව තිබේ.

ඔහු පෙන්වා දුන්නේ, කර්මාන්ත සඳහා විදුලියට අමතරව තවත් කරුණු කාරණා රාශියක් බලපාන බවයි. ඔහුගේ තර්කය වූයේ, මේ වන විට බැංකු පොලී අනුපාත ඉතා පහළ මට්ටමක පැවතීම සහ ව්‍යාපාර සඳහා අවශ්‍ය අනෙකුත් බොහෝ දේවල පිරිවැය සැලකිය යුතු ලෙස පහත බැස තිබීම හේතුවෙන් විදුලි ගාස්තු ඉහළ යාම සමස්තයක් ලෙස කර්මාන්තවලට එතරම් බලපෑමක් නොකරනු ඇති බවය. තවද, කර්මාන්ත හිතකර පරිසරයක් බිහි කිරීමට රජය කැපවී සිටින බවද ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය කර්මාන්තකරුවන් අතර මිශ්‍ර ප්‍රතිචාර ඇති කර තිබේ. බොහෝ කර්මාන්ත, විශේෂයෙන්ම නිෂ්පාදන අංශය, විදුලි බලය මත දැඩි ලෙස රඳා පවතින බැවින්, ගාස්තු ඉහළ දැමීමෙන් ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ යා හැකි බවට විරෝධතා මතු වෙමින් පවතී. පොලී අනුපාත අඩු වීම සහ අනෙකුත් පිරිවැය අඩු වීම යම් සහනයක් වුවද, විදුලි බිලෙන් ඇතිවන සෘජු බලපෑම සුළු කොට තැකිය නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories