විදුලි බල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (06) විවාදයට නියමිතව ඇත.
මෙය පසුගිය 24 වෙනිදා කියවීමට යොදාගෙන තිබුනද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තාක්ෂණික කාරණා මත එදින විවාදයට නොගෙන කල් දැමීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කටයුතු කරන ලදි.මෙම විවාදය පෙ.ව 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
විවාදය අවසානයේ ඊට අදාළ චන්ද විමසීම සිදු කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.