ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇත.
එහිදී ගෘහස්ථ කාණ්ඩය යටතේ 0-30ත් අතර ඒකකයට තිබූ ගණන රුපියල් 6ක් දක්වා පැවැති ගාස්තුව රුපියල් 4ක් දක්වාත්, 31-60ත් අතර තිබූ රුපියල් 9 සිට ගාස්තුව 6 දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ගෘහස්ත විදුලි ඒකක 0-30 දක්වා සියයට 29, ඒකක 31-60 දක්වා සියයට 28කින්, ඒකක 61-90 දක්වා සියයට 19කින්, ඒකක 91-180 දක්වා සියයට 19කින් විදුලි ගාස්තු අඩු කෙරෙන අතර සමස්තයක් වශයෙන් ගෘහස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 20ක් බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර සිටියි.
මිට අමතරව, පොදු කාර්ය 12%, රාජ්‍ය ආයතන 11%, හෝටල් 31%, කර්මාන්ත 30%, ආගමික ස්ථාන 21% සහ වීථි ලාම්පු 11% ලෙස විදුලි ගාස්තු අඩු කිරීම ප්‍රකාශයට පත්කර ඇත.
මෙම මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.