යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බවත්, 2014-2022 කාලය තුළදී විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා දැරීමට සිදුවූ පිරිවැය ඉහළ ගියද, විදුලි ගාස්තුවල කිසිඳු වෙනසක් සිදු නොකළ බවත්, නමුත් එම කාලය තුළ ඉන්ධන ගාස්තු, ගල් අඟුරු, අමතර කොටස් සහ නඩත්තු වියදම් ද නිරන්තරයෙන් ඉහළ ගිය බවයි නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එලෙස ඉහළ ගිය පිරිවැයේ සම්පූර්ණ බර මණ්ඩලය විසින් දැරීම හේතුවෙන්, මහා පරිමාණ ලෙස ණය ගැනීමට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ගෙවීම් කල් දැමීමට සිදුවීම නිසා එය මේ වනවිට ණය අර්බුදයක් දක්වා උඩුදුවා ඇති බව ද සඳහන් කර ඇත.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේ අරමුණ වන්නේ අත්‍යවශ්‍ය වියදම් ක්‍රමානුකූලව ප්‍රතිපූර්ණය කරගැනීම, ණය අර්බුදය කළමණාකරනය කිරීම සහ සැපයුම්කරුවන්ට නියමිත කළට ගෙවීම් සිදුකිරීම යනාදිය වන බවත් අනාගත බලශක්ති සුරක්ෂිතතාවය අනතුරට පත් නොකරමින්, ආරක්ෂිත, විශ්වාසනීය සහ අඛණ්ඩ විදුලි සැපයුමක් සියලුම ලාංකිකයන්ට ලබාදීමට ඉඩ සැලසීම මෙහි මූලික අරමුණ බවයි විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
අදාළ නිවේදනය පහතින්.
