වව්නියාව, පලෙයිවාඩි ප්‍රදේශයේ ඊයේ (7) රාත්‍රියේ විදුලිසැර වැදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 7ක දරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මිය ගිය දරුවා ජල මෝටරයකට අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
පුලියන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.