2025 අගෝස්තු 15 සිකුරාදා, 10:29
නවතම පුවත්

” වැලිගම සිද්ධියේ බොරු සාක්කි හැදුවේ ASP නෙවිල් ද සිල්වාගේ උපදෙස් මත “හිටපු ස්ථානාධිපතිගෙන් හෙළිදරව්වක්

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීම සම්බන්ධයෙන් පිටස්තර පිරිසක් විසින් සිදු කළ බවට වූ ව්‍යාජ සාක්ෂි එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාගේ උපදෙස් මත සකස් කළ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති, වැඩ තහනමට ලක්ව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතා පවසා ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල අනිසි ලෙස යෙදවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන කමිටුව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “වැරදි නියෝග දුන්නම බයට ඒවා කරනවා” යැයි පැවසූ ද සිල්වා මහතා, එම සිදුවීම නිසා අද වන විට තමාට රැකියාවත් විශ්‍රාම වැටුපත් අහිමි වී ඇති බවද කියා සිටියේය.

මුලින් තුන්වන පාර්ශවයක් වෙඩි තැබූ බවට සාක්ෂි ලබා දුන්නද, පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සත්‍ය හෙළි කළ බව ඔහු ප්‍රකාශ කළේය. මෙම නීති විරෝධී මෙහෙයුම සඳහා ගියේ නීති විරෝධී කටයුත්තකට බව දැනගෙන බවද ඔහු පිළිගත්තේය. මෙම සිද්ධියේදී මියගිය නිලධාරියෙකු වෙනුවෙන් මුදල් ත්‍යාග ලබා ගැනීම සඳහා ව්‍යාජ සාක්ෂි භාවිතා කළ බවටද හෙළිදරව් විය.

සිය සේවා කාලය තුළ වසර 32ක් කිසිදු වරදකට සම්බන්ධ නොවී කටයුතු කළද, ඉහළ නිලධාරීන්ගේ “අයහපත් තීන්දු” හේතුවෙන් අද තමාට මෙවන් තත්ත්වයක් උදා වී ඇති බව ඇන්ස්ලම් ද සිල්වා මහතා වැඩිදුරටත් කමිටුවට පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories