2025 ජූනි 21 සෙනසුරාදා, 11:49
නවතම පුවත්

වැරදි නිවැරදි කරන හැටි දිලිත් කියයි.

මෙවර ජනාධිපතිවරණයේදී සෙසු ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාම ඉදිරිපත් කර ඇත්තේ එකම වැඩපිළිවෙළක් බව, සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

‘දිලිත් ගමට’ ආසන රැස්වීම් මාලාවේ තවත් ජන හමුවක්, ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) නිට්ටඹුවේදී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු දිලිත් ජයවීර මහතා,

“දැන් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකෙන් තුන් හතර දෙනෙක් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වෙලා තියෙනවා. අනිත් අය ඇවිත් තියෙන්නේ ඒ දේශපාලන පක්ෂවලට මුක්කු ගහන්න. මගේ නම තියෙන්නේ 10ට ඉතුරු නම් 9ම අහලාවත් නෑ. ඒ අය ඇවිත් තියෙන්නේ ජනතා මුදල් විනාශ කරලා, අර සාම්ප්‍රදායික දේශපාලන මඩගොහොර නියෝජනය කරන අයට මුක්කු ගහන්න. දැන් ඒ අය ඉදිරිපත් කරලා තියෙනවා දේශපාලන වැඩපිළිවෙලවල් තුනක්. ඔය තුනේම තියෙන්නේ එකක්. අපි ඒ වෙනුවට ගෙනාවා උපාය මාර්ගික වැඩපිළිවෙලක්. මේ රටේ හැම මිනිසෙකුගේම අදහස් නියෝජනය වන උපාය මාර්ගික වැඩපිළිවෙලක්.

21 උදේ ඡන්දෙ දාලා, දෙවැනි මනාපය නිසා 23 තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. 23 උදේ නැඟිටිනකොට අර පාන්දර අහසේ තරුව පෙනුනේ නැත්නම් එක දෙයක් සහතිකයි. තුන්වෙනි ලෝකයේ රටක සිට යමලෝකයට ආරම්භ වී ඇත. නමුත් ඔබ තරුව දිලිසෙනවා දැක්කොත් ඒ කියන්නේ ඔබේ ජීවිතේ වෙනස්වෙලා එදා ඉදලා.

ඔය ජනාධිපතිවරණයට ඉල්ලන කොළපාට, කහපාට කොළපාට, දම්පාට ද සියලුදෙනා ඔබට දුක් දීපු දිනය අවසන් වෙනවා 23 වෙනිදාට. මේ රටේ මින් ඉදිරියට හොරකම් කරන්න අවස්ථාව අහිමිවෙන, දිනය ආරම්භ වෙන්නේ එදාට. මේ සියලු ජනතාව, සුඛෝපභෝගී ජීවිත ගතකරන සියලු දේශපාලඥයන්ගේ ජීවිතත් එදාට එක සමාන වෙනවා. මොකද ඔබ සියලුදෙනාටත් ඔවුන්ටත් අනන්‍ය හැඳුනුම් අංකයක් හිමිවෙනවා. එදායින් පස්සේ කාටවත් කියන්න බෑ ලාල්කාන්ත සහෝදරයා දුන්නා කියලා කලිසම.

රැලි තුනයි. සම්මන්ත්‍රණ 4යි. දවසකට මිලියන 100කට වැඩිය වියදම් කරන මේ දම්පාට දේශපාලනය, ජාවාරම්කාරයින් එක්ක කරන දේශපාලනයත් අද කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, දත්ත පද්ධතියක්, සුහුරු ආණ්ඩුවක් නැති නිසා. ඔබ හැමදාම වරද්ද ගත්තේ එක දෙයයි. ඔබ හිතුවා මේ රටේ දේශපාලඥයෝ ගොඩගියාම ඔබ ගොඩයයි කියලා. ඔබ තුන් හතර දෙනාම ගොඩ ගිය අය. මම දේශපාලනයට ආවේ කිසිදෙයක් හම්බකරන්න නෙමෙයි. මම හම්බ කරපු හැම සතේටම බදු ගෙවපු පුද්ගලයෙක්. අපි කොහොම හරි මේ රට තුන්වන ලෝකයෙන් පළමු ලෝකයට ගෙනියන්න ඕනේ. අපි එක එකාගේ බොරුවලට අහුවුණේ නෑ කියලා හිතන්න පුළුවන් ඡන්දයක් මේ සැරේ දෙන්න. ඒ ඡන්දය තරුවට.”

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමයට
ජනාධිපති අරමුදල...
web 01
ව්‍යාජ මුදල් ජාවාරමක සුලමුල හතරලියද්දෙන් හෙළිවෙයි
ව්‍යාජ මුදල් ජාවාරමක...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories