2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:32
නවතම පුවත්

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තුර්කි නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක

ඊයේ (ජුනි 13) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG BÜYÜKADA’ නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා නිරත විය.

එහිදී, ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති සෙමිහ් ලුට්ෆු ටුර්ගුට් (Semih Lütfü Turgut) මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී ලුතිනන් කමාන්ඩර් අනුල් බිල්ගින් (Anul Bilgin) විසින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයාව ඉතා උණුසුම් අයුරින් නෞකාවට පිළිගන්නා ලදී.

මෙම අවස්ථාවේදී, තුර්කි තානාපතිවරයා කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම ප්‍රශංසාවට ලක් කළේය. එසේම, දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කමද ඔහු අවධාරණය කළේය.

වැඩබලන ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, තුර්කි නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමෙන් දෙරට අතර පවතින ශක්තිමත් ආරක්‍ෂක සහයෝගීතාව සහ මිත්‍රත්වය සංකේතවත් වන බවයි. ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින ආරක්‍ෂක හවුල්කාරිත්වය මෙයින් යළි තහවුරු වන බවද ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ නාවික ශක්තිය නවීකරණය කිරීමේදී තුර්කි රජය විසින් දක්වන අඛණ්ඩ සහයෝගය අගය කළ ඒ මහතා, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා දෙරටේම පොදු දැක්ම නැවත අවධාරණය කළේය.

මෙම වැදගත් අවස්ථාවට විශ්‍රාමික නාවික හමුදාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, තුර්කි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සර්වෙට් ඔකුමුස් (Servet Okumus) ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී වූහ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories