වාහන ආනයනය කිරීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට සිදු කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි .
ඒ ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
“වාහන ආනයනය කිරීම සඳහා ඉඩ පහසුකම් සලසන්න කියලා විශාල ඉල්ලීමක් තියෙනවා. ඒ පිළිබඳව කලින් ගත්ත කැබිනට් තීන්දුවක් තියෙනවා. නමුත් අපි මේ හදිසියේ වාහන ගෙන්වීමක් සිදු කරලා නැහැ. අපි බලයට පත් වුණාට පස්සේ තීරු බදු සහන දෙන වාහන ගෙන්වලා නැහැ.
නමුත් වාහන ගෙන්වීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට යටත්ව අපේ ඩොලර් ප්‍රමාණයන් පිටට ඇදිලා යන්නේ නැති වෙන්න, අපිට නැවත ඩොලර් අර්බුදයක් ඇති නොවන ආකාරයටත්, ඒ වගේම වාහන අවශ්‍යතාව සැපිරීම සඳහා යම් ඉඩ ප්‍රස්ථාවක් විවෘත කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.”