2025 ජූනි 22 ඉරිදා, 03:40
නවතම පුවත්

වාසනාවන්ත වාහනයක් චාරිත්‍රනුකුලව අවසන් ගමන් යවයි

මෝටර් රථයකට සුවිශේෂී සහ සංවේදී සමුදීමක් ලබාදුන් සිද්ධියක් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

මෑතකදී ගුජරාටි හි පවුලක් ඔවුන්ගේ පවුලට වාසනාව ගෙන ආ මෝටර් රථය සඳහා අවමංගල්‍ය උත්සවයක් පවත්වා ඇත.

වසර 12 ක් පුරා භාවිත කළ Wagon R, වර්ගයේ මෝටර් රථය වෙනුවෙන් පැවැත්වූ එම උත්සවය සඳහා පුද්ගලයන් 1,500 දෙනෙකු සහභාගී වී ඇති අතර උත්සවය සඳහා රුපියල් ලක්ෂ 4ක් වැයකර තිබේ.

එම පවුලේ සාමාජිකයින් අඩි 15 ක් ගැඹුරු වළක් සකසා මෝටර් රථය එහි චාරිත්‍රානුකූලව තැන්පත් කර තිබේ.

මෝටර් රථයේ වහලය මල්මාලා සහ රෝස මල්පෙති වලින් සරසා තිබිණි.

මෝටර් රථයේ හිමිකරු වන සංජේ පොලාරා, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙත පවසා තිබුණේ, මෙම මෝටර් රථය වසර ගණනාවක් පුරා ඔහුගේ පවුලට සමෘද්ධිය සහ ගෞරවය ගෙනදුන් බවයි.

“මම මීට වසර 12 කට පමණ පෙර මෙම මෝටර් රථය මිලදී ගත්තා. එය පවුලට සමෘද්ධිය ගෙන ආවා. ව්‍යාපාරයේ සාර්ථකත්වයට අමතරව මගේ පවුලේ අයටත් ගෞරවයක් ලැබුණා. වාහනය මගේ පවුලේ අයටත් මටත් වාසනාව ගෙනාවා. ඒ නිසා මම ඒක විකුණනවා වෙනුවට මගේ ගොවිපළේ තැන්පත් කළා උපහාරයක් වශයෙන්” පොලාරා පවසා ඇත.

අනාගත පරම්පරාව සඳහා මෝටර් රථයේ වැදගත්කම සංකේතවත් කරමින් උපහාරයක් ලෙස එය තැන්පත් කළ භූමියේ ගසක් සිටුවීමට තමා අදහස් කරන බව ද ඔහු පවසා තිබේ.

”පවුලේ වාසනාවන්ත මෝටර් රථය මතක්කිරීමක් ලෙස ගස පවතිනු ඇත” යනුවෙන් ද ඔහු සඳහන් කරයි.

උත්සවය සඳහා සූදානම් වීමේදී, පොලාරා ඔහුගේ ගමේ මිනිසුන් 2,000 කට ආසන්න පිරිසකට පිටු හතරක ආරාධනාවක් යවා තිබේ.

එම ආරාධනයේ සඳහන් වූයේ, “මෙම මෝටර් රථය 2006 සිට පවුලේ සාමාජිකයකු මෙන් වූ අතර එය අපට වාසනාව ගෙන ආවේය.” යනුවෙනි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories