2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 18:50
නවතම පුවත්

වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට සැලසුම්

                                                                                                                                                                                                                                                                    වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ගාල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක්, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක්, වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක් සහ මීගමුව සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක් එලෙස යෙදවීමට සැලසුම් කර ඇත.

මෙම වසර අවසන් වීමට පෙර එම දුම්රියන් ධාවනයට එක් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ සදහා දැනට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින එන්ජින් සහ මැදිරි අලුත්වැඩියා කර ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

එම දුම්රියන් අලුත්වැඩියා කිරීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.

එම දුම්රිය ධාවනය කිරීම සදහා අවශ්‍ය කාර්ය මණ්ඩලය කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට නියමිතය.

මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමටද අවධානය යොමුව ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

එම තැපැල් දුම්රිය මේ දක්වා ධාවනය වන්නේ ගාල්ල දුම්රිය ස්ථානය දක්වා පමණි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories