අද(30) දිවයිනේ බොහෝ නගරවල වායුගුණ තත්ත්ව දර්ශකය සාමාන්‍ය මට්ටමක පවතින බවත් දිවයිනේ සියලු ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වය යහපත් තත්ත්වයකට පත්ව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නිරිත දිග මෝසම් සුළං සක්‍රීය වීම හේතුවෙන් ඊයේ(29) දිනය තුළ බොහෝ නාගරික ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය පහළ මට්ටමක පැවති තිබේ.
යාපනය, කොළඹ, ගාල්ල, ත්‍රීකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව හා අනුරාධපුර යන නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහල යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.