2025 අගෝස්තු 15 සිකුරාදා, 08:28
නවතම පුවත්

වාද්දුව පොලීසියේ සිව්දෙනෙකු අත්අඩංගුවට

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුව පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු නිවෙසට ගොස් සිටියදී රෝගාතුරු වී රෝහල් ගත කිරීමෙන් පසුව මිය යැමේ සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලීසියේ කොස්තාපල්වරු සිවිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පහරදීම යන චෝදනාව යටතේ අද (12) සවස පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ මෙම සිව්දෙනා සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම සඳහා වැඩ තහනම් කිරීමකට ලක්කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරු සිව්දෙනා හෙට (13) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මුලිකත්වයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අදාළ විමර්ශන සිදුකරණු ලබයි.

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සමිත දිල්ෂාන් නමැති 24 හැවිරිදි එක්දරු පියෙකු මෙලෙස මියගොස් තිබුණි.

පසුගිය 10 වනදා රාත්‍රී කාලයේදී ජංගම සංචාරයේ යෙදී සිටි වාද්දුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එම පුද්ගලයාව ඇප මත මුදා හැරීමෙන් අනතුරුව නිවසේ සිටියදී රෝගාතුර වීම හේතුවෙන් පානදුර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් විසින් පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ, ඔහු පොලිස් අත්අඩංගුවේ සිටි කාලය තුල පොලිස් නිලධාරීන් විසින් පහරදී ඇති බවටය.

මියගිය තැනැත්තා රිය අනතුරක් සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවාගෙන පොලිස් ඇප මත මුදාහැරි බව පොලීසිය මීටපෙර සඳහන් කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories