හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක්, රුපියල් මිලියන 100කට අධික ණය මුදලක් අයකර ගැනීම සඳහා ජූලි 2 වනදා ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබේ. කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර් සහ නියෝජ්‍ය පිස්කල් විසින් පුවත්පත්වල පළ කරන ලද ප්‍රසිද්ධ දැන්වීමක් මගින් මෙම තීරණය දැනුම් දී ඇත.
මෙම වෙන්දේසියට හේතුව වී ඇත්තේ, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු රුපියල් දස කෝටි හතළිස් දෙලක්ෂ විසිනව දහස් තුන්සිය හතළිස් දෙකක (රු. 104,229,342) මුදලක් අයකර ගැනීමයි. මුළු ණය මුදල රුපියල් දස කෝටි අසූතුන් ලක්ෂ නවදහස් තුන්සිය හතළිස් දෙකක් (රු. 108,309,342) වන අතර, එයින් රුපියල් හතළිස් ලක්ෂ අසූදාහක (රු. 4,080,000) පමණ මුදලක් වගඋත්තරකරුවන් විසින් දැනටමත් ගෙවා ඇත. ඉතිරි මුදල අයකර ගැනීම සඳහා 2022 නොවැම්බර් 10 දින ලබා දුන් නඩු තීන්දුව අනුව මෙම වෙන්දේසිය සිදු කිරීමට නියමිතයි.
මෙලෙස ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට නියමිත ආයතන වන්නේ, දයා ගෲප් ලිමිටඩ් (Dayal Group Limited), දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ් (Dayal Apparel Exporter (Private) Limited), සහ ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් (Olympus Construction Private Limited) යන ඒවා බව එම ප්‍රසිද්ධ දැන්වීමේ සඳහන් වේ. මෙම සිදුවීම, හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ව්‍යාපාරික කටයුතු පිළිබඳව ප්‍රසිද්ධියේ කතාබහක් ඇති කර තිබේ.