2025 අගෝස්තු 15 සිකුරාදා, 02:39
නවතම පුවත්

ව්‍යවස්ථා සංශෝධනයකදී 13 ගැනත් ජනපති අනුර නැවත හිතා බලයි – ඔස්ටින් ප්‍රනාන්දු

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කිරීමේදී වත්මන් ජනාධිපති අනුර දිසානායක 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නැවත සළකා බැලීමේ හැකියාවක් පවතින බව ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු පවසයි.

රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

දූෂණය අවම කර ශ්‍රී ලංකාවට ලැබිය යුතු නමුත් වෙනත් තැනක සඟවා ඇති මුදල් ආපසු ගෙන ඒම රජයේ විශිෂ්ට අභිප්‍රායක් බව ද ඔහු සඳහන් කර ඇත.

මේ අතර, ඉන්දියාව සිය දැක්ම ප්‍රකාශය යටතේ ශ්‍රී ලංකාව සඳහා සංවර්ධන සැලසුම් යෝජනා කර ඇති බව පෙන්වා දුන් ඔහු අනෙකුත් විදේශීය මිත්‍ර රටවල් සමඟ ඇති සබඳතාවලට බලපෑම් නොකිරීමට ශ්‍රී ලංකාව එම සැලසුම් ප්‍රවේශමෙන් හැසිරවිය යුතු බව ද අවධාරණය කළේය.

ජාතික ජන බලවේග රජය ලැබූ සුවිසල් ජයග්‍රහණයෙන් පෙනී යන්නේ සෙසු පක්ෂවල ප්‍රභූ දේශපාලනයට ජනතාවගේ ඇති අකමැත්ත බව ද ඔස්ටින් ප්‍රනාන්දු සඳහන් කළේය.

ආසන තුනක් හිමිව තිබූ පක්ෂයකට ආසන 159ක් ලබා දෙමින් ජනතාව බලාපොරොත්තු වී ඇත්තේ සම්පූර්ණ වෙනසක් බවත් එම වෙනස එක් රැයකින් කළ හැක්කක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories