ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කිරීමට අද (19) දා සමත් වූවාය.
ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරඟාවලියේ කාන්තා මීටර 1500 ඉසව්ව විනාඩි 4:29.99.කින් අවසන් කර ඇය මෙම සුවිශේෂී වාර්තාව පිහිටු වූ අතර,
ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 16 හැවිරිදි වියේ පසුවන තරුෂි විසින් බිඳදමනු ලැබුවේ 1985 වසරේදී ධම්මිකා මැණිකේ විසින් 4:35.7කින් අවසන් කර පිහිටුවා තිබූ කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවයි.