බෝයිං (Boeing) හි වෘත්තීය සමිති සාමාජිකයින් 33,000 ක් අද උදෑසන වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වනවා.
ඒ අවුල් සහගත ගුවන් යානා නිෂ්පාදකයා සමඟ යෝජිත සිව් අවුරුදු කොන්ත්‍රාත්තුවක් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි.
ඔවුන් වැටුප් වැඩි කිරීම් සහ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරමින් මෙම වැඩ වර්ජනයට යන බවයි පවසා ඇත්තේ.
එහිදී බෝයිං සමාගම ඔවුන්ට ඉදිරි වසර 4 තුළ වැටුප 25% කින් වැඩිවන පරිද්දෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
නමුත් සේවකයින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙලෙස විශාල වැඩ වර්ජනයට එක් වීම වසර 16 කට පසුව සිදුවනු ඇති.