බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ ලියාපදිංචිය එරට මැතිවරණ කොමිසමවිසින් අත්හිටුවා තිබේ .
එම නිසා අවාමි ලීග් පක්ෂයට එළඹෙන මැතිවරණයට තරග කිරීමේ හැකියාවක් නොමැත .
දින ගණනාවක විරෝධතා වලින් පසුව ත්‍රස්ත විරෝධී පනත යටතේ බංග්ලාදේශ රජය අවාමි ලීග් පක්ෂයේ සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීමට පියවර ගෙන තිබිණි .
මැතිවරණ කොමිසමේ තහනම මෙන්ම අවාමි ලීග් පක්ෂයේ සහ එහි අනුබද්ධ සංවිධාන වල සියලුම ක්‍රියාකාරකම් සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයද තහනම් පනවා තිබේ .
බංග්ලාදේශ මැතිවරණ නීති වලට අනුව ජාතික මැතිවරණයකට සහභාගි වීමට නම් දේශපාලන පක්ෂයක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වී තිබිය යුතුය .
වසර විස්සකට වැඩි කාලයක් රට මෙහෙයවූ අවාමි ලීග් පක්‍ෂය මෙම තහනම ඉවත්කර ලියාපදිංචිය යථා තත්ත්වයට පත් කර නොගන්නේනම් අනාගතයේ පවත්වන කිසිදු මැතිවරණයකට නිල වශයෙන් තරග කිරීමට නොහැකි වී යයි .
ජාත්‍යන්තර අපරාධ අධිකරණය සිය කටයුතු අවසන් කරන තුරු මෙම පක්ෂයට මාධ්‍ය සංදර්ශන සමාජ මාධ්‍ය ව්‍යාපාර පෙරහැර රැලි හෝ සම්මන්ත්‍රණ ඇතුළු කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක් පැවැත්වීම තහනම් කරමින් මැතිවරණ කොමිසම නියෝගයක් ද නිකුත් කර තිබේ .