ව්‍යාජ ඔප්පුවක් සකස් කර, රුපියල් ලක්ෂ 36කට බදු දී, වංචා කරන පෞද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩමක සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර කරගන්නා ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා අද (25) කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කර තිබෙනවා.
ඒ අනුව, විමර්ශනයේදී අනාවරණය කරගත් ලේඛන කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් නඩුව අද කැඳවූ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එහිදී ගොඩනැගිල්ලේ සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්, 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වන දින අදාළ ආයතනයේ වෘත්තීය සමිතියේ සභාපති ලෙසට වසන්ත සමරසිංහට බලය පැවරූ මහ සභා රැස්වීම් වාර්තා, අංක 166, 206, 207 දරණ බදු ඔප්පුවල සහතික කරන ලද පිටපත් මෙන්ම ප්‍රශ්නගත දේපොළ භාරකාරත්වය සම්බන්ධයෙන් පැවති නඩු කටයුතුවලට අදාළ සම්පූර්ණ නඩු වාර්තාවල පිටපත් වැඩිදුර වාර්තාවක් මඟින් ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙයි.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න විසින් ද සහතික කරන ලද අමතර ලේඛන 35ක් අධිකරණයට ඉදිරිපත් කළ අතර, නඩුව ලබන අගෝස්තු 22 වැනිදා නැවත කැඳවීමට නියෝග කර තිබෙනවා