2025 අගෝස්තු 15 සිකුරාදා, 18:59
නවතම පුවත්

වරෙන්තු 26ක් නිකුත් කර තිබූ සැකකාරියක් අත්අඩංගුවට

කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2013 වර්ෂයේ දී රජයේ රැකියා ලබා දෙන බවට පවසමින් ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා කූඨ ලෙස සකස් කළ පත්වීම් ලිපි ලබා දී මෙම සැකකාරිය මුදල් වංචා සිදුකර ඇත.

පොලීසිය සඳහන් කළේ සැකකාරියට එරෙහිව තිබූ පැමිණිලි 26 ක අදාළව බදුල්ල, විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදුකර සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පවරා තිබූ බවය.

ඒ අනුව මෙම සැකකාරිය කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය මගින් වැරදිකරු කරන ලද අතර වැරදිකාරිය අධිකරණය මගහරිමින් සිටි ඇත.

මෙම සැකකාරියට අධිකරණයෙන් වරෙන්තු 26ක් ද නිකුත් කර තිබූ බව සඳහන් වේ.

බදුල්ල, විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (28) ආරච්චිකට්ටුව, නල්ලදරම්කට්ටුව ප්‍රදේශයේ දී මෙම සැකකරියව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සැකකරියට ඇප තැබූ තැනැත්තිය ද හලාවත නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 52 හා 30 යන වයස්වල පසුවන ගොනාගොල්ල, අම්පාර ප්‍රදේශයේ පදිංචිකාරියන්ය.

මේ සම්බන්ධයෙන් බදුල්ල, විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories