2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:11
නවතම පුවත්

වයඹ පළාත් විදුහල්පති ස්ථාන මාරු ක්‍රියාත්මකයි

වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් තාවකාලිකව අත්හිටුවන ලද එම පළාතේ විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් ලබන 13 වැනි දින ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව එම මාරුවීම් ක්‍රියාත්මක කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා තිබේ. විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය, ලංකා විදුහල්පති සංගමය, ජාතික විදුහල්පති එකමුතුව, ඌව පළාත් විදුහල්පති සංගමය සහ සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමය එක්ව මැතිවරණ කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලකින් අනතුරුව මෙම මාරුවීම් ක්‍රියාත්මක කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් පියවර ගෙන ඇත.

පසුගිය ජූනි මස 03 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම ස්ථාන මාරුවීම් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයකට අනුව අත්හිටුවා තිබිණි. එම තීරණය මැතිවරණ සමයේ විදුහල්පතිවරුන්ට සිදුකරන ලද දේශපාලන පළිගැනීමක් ලෙසට විදුහල්පති වෘත්තිය සංගම් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබිණි. එම පැමිණිල්ල සලකා බැලූ මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර නියම කරන ලද එම ස්ථාන මාරුවීම් වයඹ පාසල් පද්ධතියෙහි ගැටලුවක් ඇති නොවන පරිදි ක්‍රියාත්මක කිරීමට විරෝධතාවයක් නොමැති බවට වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත දන්වා එවීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා අදාළ විදුහල්පති මාරුවීම් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව මාස ගණනාවක්ම වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් හේතුවකින් තොරව අත්හිටුවා තිබූ වයඹ පළාතේ විදුහල්පතිවරුන් 115කට ආසන්න පිරිසකගේ ස්ථාන මාරුවීම් ලබන 13 වැනි දින සිට ක්‍රියාත්මක වේ. මේ මාරුවීම් අතරට එකම පාසලේ වසර 10කට වැඩි කාලයක් සේවය කරමින් සිටින විදුහල්පතිවරු සහ විදුහල්පතිවරියෝ ද සිටිති. ස්ථාන මාරුවීම් ලද සියලුම විදුහල්පතිවරුන් එළැබෙන සැප්තැම්බර් 13 වැනි දිනට පෙර නව සේවා ස්ථානයේ සේවය සඳහා වාර්තා කරන ලෙස වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් දන්වා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories