කෘෂි භෝග සඳහා හානි පමුණුවන වන සතුන් පිළිබඳ ජාතික සංගණනය හෙට (15) උදෑසන 8.00 – 8.05ත් අතර කාල සීමාව තුළ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි සංවර්ධන) ජේ. ඒ. තුසිත නන්දන සඳහන් කළේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ සැලසුම් කර ඇති මෙම සංගණනයේදී මහජනතාව වෙත ලබාදෙන සංගණන පත්‍රිකා මේ වන විට සියලුම පළාත්වල නිවාස වෙත ග්‍රාම නිලධාරීන් විසින් බෙදා හැර ඇති බවත් ආහාර සුරක්ෂිතතාව, අස්වනු හානිය අවම කිරීම, වන සත්ත්ව හානි අවම කරගැනීම සඳහා ඉදිරිපත් වන තිරසර විසඳුමකට අවශ්‍ය මූලික දත්ත රැස් කිරීම සඳහා මෙම සංගණනය පැවැත්වෙන බවත් ජාතික වගකීමක් ලෙස සලකා මේ සඳහා සහයෝගය දැක්වීම ජනතාව විසින් සිදු කළ යුතු බවත් ය.