2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:55
නවතම පුවත්

වන සතුන්ගෙන් සිදුවන කෘෂිකාර්මික හානි අවම කිරීම සඳහා රජය පියවර!

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සහ වැවිලි ක්ෂේත්‍රයට වන සතුන්ගෙන් සිදුවන හානියට විද්‍යාත්මක, තිරසාර විසඳුම් සෙවීමට අරමුණු කරගත් අතිරේක කමිටුවක් පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මෙම කමිටුවට නායකත්වය දෙන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසිනි.

කමිටුවේ ප්‍රධාන අරමුණ වන්නේ වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට, කෘෂිකර්මාන්තයට සහ වැවිලි ක්ෂේත්‍රයට සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් සෙවීමයි. මෙම විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය මෙන්ම මානව, භෞතික හා මූල්‍ය සම්පත් ලබා දීම ද කමිටුවේ සම්බන්ධීකරණයෙන් සිදුවනු ඇත.

ඊයේ (ජුනි 19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කමිටුවේ පළමු හමුවේදී වැදගත් කරුණක් අවධාරණය විය: වන ජීවීන් ස්වභාවධර්මයේ කොටසක් ලෙස සලකා තීරණ ගැනීම සහ ඔවුන්ගේ වනාන්තරය සඳහා වන අයිතිය පිළිගනිමින් විසඳුම් සකස් කිරීම වඩාත් සුදුසු ක්‍රමවේදය බවට මෙහිදී තීරණය විය. ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

විද්වතුන්, පරිසරවේදීන්, වන සත්ව විශේෂඥයන්, නිලධාරීන් මෙන්ම වන ජීවීන්ගෙන් පීඩාවට පත්ව සිටින මහජනතාව ආදී සියලු පාර්ශවයන්ගෙන් මේ සඳහා අදහස් ලබාගැනීම වැදගත් බව ද තීරණය වී ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories