වන රක්ෂිතවලින් බැහැරව සිදුවන වන අලි මරණ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහාය ඇතිව මෙම විමර්ශනය ක්‍රියාත්මක කරන බවයි.
පසුගිය කාලයේ සිදුවූ වන අලි මරණවලින් බහුතරයක් රක්ෂිතවලින් පිටතදී සිදුවීම කණගාටුදායක තත්ත්වයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම විමර්ශනය මගින් අලි මරණවලට හේතු සොයා බලා අනාගතයේදී එවැනි සිදුවීම් අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ.