අද (07) පාන්දර පොළොන්නරුව බකමුණ මාර්ගයේ සිදුවූ වනඅලි ප්‍රහාරයකින් 28 හැවිරිදි දිනේෂ් සඳරුවන් නම් තරුණයෙක් මියගියේය.
එම තරුණයා පැදවූ වෑන් රථය මාර්ගයේ සිටි වනඅලියෙකුගේ ගැටී ඇති අතර එහිදී කුපිත වූ වනඅලියා එම වෑන් රථය යෝධ ඇළ ට පෙරළා තිබුණි.
සිද්ධිය වන අවස්ථාවේදී ඔහු පමණක් වෑන් රථයේ සිට ඇති අතර විනෝද චාරිකාවක ගොස් සිටි පිරිසක් නිවෙස් වෙත ඇරලවා නැවත ආපසු එමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණපා තිබෙනවා.