හම්බන්තොට පොලිස් වසමේ දිමුතුගම ප්‍රදේශයේ ඊයේ (29) දහවල් කාලයේ සිදුවූ වනඅලි පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලීසය සඳහන් කළේය.
මරණකරු වයස අවුරුදු 27ක් වූ කොග්ගල, හබරාදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු දිමුතුගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටිමින් ගව පාලනයේ යෙදෙමින් සිටියදී මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව සිදුකරන ලද පොලිස් විමර්ශනයේදී අනාවරණය වී ඇත.