වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.පඩි පාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ නැංවීමට පසුගිය 12 වැනිදා පඩි පාලක සභාව එකඟ වී තිබුණා.