පාසල් සිසුවියක් අපයෝජනය කළ පුද්ගලයින් අට දෙනකු සොයා වඩුක්කෝට්ටෙයි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙලෙස අපයෝජනයට ලක්වී ඇති දැරිය දාහතර හැවිරිදි වඩුක්කෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගැනීමට සොයන පිරිස අතර හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකුද සිටින බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.