2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 12:47
නවතම පුවත්

වටිනාකමින් වැඩි රජයේ බංගලා මින් ඉදිරියට ඇමැතිවරුන්ට දෙන්නෑ !

මෑත කාලයේ විවිධ රජයන් යටතේ ඇමැතිවරුන්ගේ නිල නිවාස ලෙස වෙන් කළ, යටත් විජිත සමයේ ඉදිකරන ලද රජයේ බංගලා තිස් එකක් රජයේ නිලධාරීන්ට හෝ ඇමැතිවරුන්ට නොපවරමින් ඉදිරියේදී නිවැරදි අවශ්‍යතා සඳහා වෙන් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය රජය සමයේ මෙවැනි රාජ්‍ය බංගලා හෝ මන්දිර 28ක් ඇමැතිවරුන්ගේ නිල නිවාස ලෙස පවරා දී තිබී ඇත.පසුගිය බ්‍රහස්පතින්දා වන විට ඉන් 22ක් නැවත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාර දී තිබේ.නිවසක් භාරදුන් පසු එම නිවාස සම්බන්ධ නෛතික ලේඛන කටයුතු සිදුකිරීමට යම් කාලයක් ගතවේ.

එම බංගලා භාවිත කළ කාලයට අදාළ ජල – විදුලි සේවා සඳහා බිල්පත් පියවා ඇත්දැයි පරීක්ෂා කිරීම පොරොත්තු බිල්පත් තිබේ නම් නිවාස භාර ගැනීමට පෙර ඒවා සියල්ල පියවන ලෙස දැන්වීම ආදී කටයුතු ද ඊට ඇතුළත් වේ.

රජයේ ආරංචි මාර්ග අනුව මෙම රජයේ මන්දිර වැනි නිවාස අනාගතයේ දී ඇමැතිවරුන්ට ලබා නොදී ආර්ථික හා සමාජීය වශයෙන් ඵලදායි අරමුණු සඳහා යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳ රජය මේ වන විට ඇගයීමට ලක් කරමින් සිටී.

මෙම නිවාස බොහෝ දුරට යටත් විජිත සමයේ අවසාන භාගයේදී ඉදිකර ඇති අතර යටත් විජිත නිලධාරීන් විසින් ඔවුන්ගේ නිල සහ නේවාසික කටයුතු සඳහා එම බංගලා භාවිත කර තිබේ.

හෝටල් පහසුකම් නොතිබුණු යුගයක විශාල රැස්වීම් පැවැත්වීමේදී සහ පිළිගැනීමේ උත්සවවලට මෙවැනි බංගලා ප්‍රයෝජනවත් වුවද වත්මන් තත්ත්වය වෙනස් බව රජයේ අදහස වී ඇත.

එවැනි එක් නිවසක වටිනාකම උදාහරණයක් ලෙස ගතහොත් සමස්ත කැබිනට් මණ්ඩලයටම මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට තරම් ප්‍රමාණවත් බව පෙනීගොස් තිබේ .

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories