එළැඹෙන මැයි මස 10 සහ 11 යන දෙදින චීනයේ ගුආන්ග්සු හී දී පැවැත්වීමට නියමිත ලෝක සහය දිවීමේ තරගාවලියේ මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව නියෝජනය කිරීම සඳහා මෙරටින් 6දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර ඇත.
ඒ අනුව මීටර 400 දිවීම ඉසව්වේ ඉහළම කාල ගණනයක් සහිත ක්‍රීඩකයන් තිදෙනා සහ ක්‍රීඩිකාවන් තිදෙනා මේ සඳහා නම් කර ඇති අතර මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම ඉසව්ව මෙම මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව වීම ද විශේෂත්වයකි. මෙම තරගාවලියට අරුණ දර්ශන, කාලිංග කුමාරගේ සහ සදෙව් රාජකරුණා යන ක්‍රීඩකයන් තිදෙනාත්, හර්ෂණී ප්‍රනාන්දු, ලක්ෂිමා මෙන්ඩිස් සහ නදීෂා රාමනායක යන ක්‍රීඩිකාවන් තිදෙනාත් එක් වීමට නියමිතය.