ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු ගායන ශිල්පී ඇලෝ බ්ලැක් අද (10) උදෑසන ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.
ඔහු දැනට ලෝකයේ රටවල් 22 ක ඉහළම ගායකයා වන අතර එක්සත් ජනපද ග්‍රැමී සම්මාන සඳහා ද නම් කර ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමිකා උඩුගමසූරිය මහතාගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඇලෝ බ්ලැක් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් සහ මහාචාර්ය ගෝමිකා උඩුගමසූරිය මහතා කටුනායක ගුවන් තොටුපළේදී ඔහුව පිළිගත්තේය.