එළඹෙන ඔක්තෝම්බර් මාසය වන විට ලෝක ආහාර වැඩ සටහන මගින් මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55000ක් ලැබීමට නියමිතව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. ඒ අනුව මෙවර මහ කන්නේ සිට ඉදිරි වගා කන්න දෙකට අවශ්‍ය බණ්ඩි පොහොර නොමිලයෙන් ගොවීන්ට ලබාදීමට නියමිතව තිබේ.ලෝක ආහාර වැඩසටහන විසින් 1968 වසරේ සිට මෙරට මන්ද පෝෂණය සහ ගොවීන්ගේ ඵලදායිත්වය සහ ආදායම් වැඩිදියුණු කිරීමට සහාය දක්වා තිබේ.