අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හී පැතිරී යන ලැව් ගිනි තවත් උග්‍ර අතට පත්ව තිබේ
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකුට දිවි අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එසේම පුද්ගලයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
මේ වන විට ලැව් ගිනි පැතිර යන්නේ පැලිසේඩ්, ඊටන්, හර්ස්ට් සහ වුඩ්ලි ප්‍රදේශ ආශ්‍රිතවයි.
ඒ අතරින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පැලිසේඩ් සහ ඊටන් ප්රදේශවලටයි.
පැලිසේඩ්හී අක්කර 15,000ක් සහ ඊටන් ප්‍රදේශයේ අක්කර 10,000ක පමණ භූමි ප්‍රදේශයක් ලැව් ගිනි හේතුවෙන් මේ වන විටත් විනාශ වී ඇත.
ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ මෙතෙක් ඇති වූ දරුණුතම ලැව් ගින්න ලෙස පැලිසේඩ් ප්‍රදේශයේ පැතිර යන ලැව් ගින්න හැඳින්වේ.
එසේම විදෙස් වාර්තාවලට අනුව හර්ස්ට්හී අක්කර 700ක් සහ වුඩ්ලි හී අක්කර 75ක් ද ලැව් ගින්නට හසුව ඇතැයි සඳහන් කල අතර ගිණි නිවන භටයින් දහස් ගණනක් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළත් අධික වේගයකින් හමායන සුළං හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම අසීරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.