සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන, සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැක කරන සුජීව රුවන් කුමාර හෙවත් ‘ලොකු පැටී’ නැමැත්තා බෙලරුස් රාජ්‍යයේ සිට හෙට (04) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
සුජීව රුවන් කුමාර පසුගිය වසරේදී බෙලරුස් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් අතර, ඔහු මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගියදා බෙලරුස් රාජ්‍යයට පිටත්ව ගොස් තිබෙනවා.