හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානීන් ඇතුළු විවිධ ස්ථාන ඉලක්ක කරගෙන ඊශ්‍රායලය අඛණ්ඩව ලෙබනනය වෙත ගුවන් ප්‍රහාර එල්ලකරමින් සිටියි.
එවන් පසුබිමක පණිවුඩයක් නිකුත් කළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හිස්බුල්ලා සාමාජිකයින් ආරක්ෂා කිරීමෙන් වළකින ලෙස ලෙබනන සිවිල් ජනතාවට දන්වා සිටියේය.
එහිදී ඔහු තර්ජනාත්මකව පවසා තිබුණේ, එසේ නොවුණහොත් ලෙබනනය තවත් ගාසා තීරයක් වීමේ ඉඩක් පවතින බවයි.