2026 මාර්තු 20 සිකුරාදා, 14:08
නවතම පුවත්

ලැප්ටොප් හොරකමේ ගිය ‘බැට්මෑන්’ අල්ලයි

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ 26 වන මහලේ පවත්වාගෙන යන කාර්යාල 04 ක පසුගිය 17 වැනිදා සිදුවූ සොරකමකට අදාළ සැකකරුවකු කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිසිය සිදුකළ සූක්ෂම විමර්ශනයකදීයි.

එහිදී සැකකරු සොරාගන්නා ලද ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන ඇතුළු ලක්ෂ 30 කට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එමෙන්ම විමර්ශනවලදී පොලීසියේ දැඩි අවධානයක් යොමුව තිබුණේ, සොරකම් සිදුවූ සෑමකාර් යාලයකම බිත්තියේ බැට්මෑන් (Batman) ලෙස සඳහන් කර තිබීම සම්බන්ධයෙනි.

ඒ අනුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී ඉකුත් 17 වැනිදා අලුයම හොඳින් හැඳපැළඳ විදුලි සෝපානයට ඇතුළුවන පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු වී තිබේ.

සැකකරු යතුරු රඳවනයකින් යතුරු රැගෙන කාර්යාල තුළට ඇතුළු වී ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන සොරාගන්නා අයුරු එම දර්ශවල දැක්වේ.

එමෙන්ම සැකකරු සොරකම අවසානයේ සෑම කාර්යාලයකම බිත්තියේ Batman ලෙස සටහන් කරන අයුරු ද සීසීටීවී දර්ශනවල පටිගත වී තිබේ.

විමර්ශනවලදී පොලිසිය අනුමාන කර ඇත්තේ, මෙවැනි සොරකමක් සිදුකළ හැක්කේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඇතුළත සහ එහි ආරක්ෂාව සම්බන්ධයෙන් හොඳින් දන්නා අයෙකුට විය හැකි බවයි.

ඒ අනුව, එහි මීට පෙර සේවය කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කිරීමේදී Batman ගේ ඡායාරූප බහුලව අන්තර්ගත වූ ෆේස්බුක් ගිණුමක හිමිකරුවෙකු සොයාගෙන ඇති අතර ඔහු සුඩාන – එරිත්‍රියානු සම්භවයක් සහිත පුද්ගලයකු බව හඳුනාගෙන තිබේ.

අනතුරුව කොළඹ ප්‍රධාන පෙළේ කැසිනෝ ශාලාවක් අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු පවසා ඇත්තේ ඔහුගේ පියා මීට පෙර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය තුළ මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන ස්ථානයක් පවත්වාගෙන ගිය බවයි.

තමා ද එහි අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ බැවින් එම කාර් යාලවල යතුරු රඳවනය ඇතුළු අනෙකුත් දෑ සම්බන්ධයෙන් දැනසිටි බව සැකකරු පවසා තිබේ.

සොරාගත් භාණ්ඩ අලෙවි කර එම මුදල්වලින් කැසිනෝ ක්‍රීඩාවේ යෙදුණු බව ද සැකකරු පොලිසියට පවසා තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories