කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ ශ්‍රී ලංකාව සඳහා ඊශ්‍රායෙල් තානාපති රූවෙන් අසාර් අතර හමුවක් පැවති අතර දෙරට අතර කෘෂිකර්මික,පශු සම්පත්,වාරිමාර්ග තාක්ෂණ හුවමාරුව, ආයෝජන සහයෝගීතා, සහ නවීන කෘෂිකර්මික ක්‍රමවේදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති අතර මෙම හමුව පැවතියේ ගොවිජන මන්දිරයේදීය.
තානාපතිවරයා මෙහිදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තට ආරාධනාවක් කළේය. ඒ ශ්‍රී ලංකාවට ගැලපෙන කෘෂිකර්මික ආකෘතියක් පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබා ගැනීම සඳහා ඊශ්‍රායලයේ සංචාරය කරන ලෙසයි.
තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඊශ්‍රායලයේ නවීන කෘෂිකර්ම තාක්ෂණයන්, ව්‍යාපෘති සහ ක්‍රමවේද දැකබලා ඒ තුළින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය නවීකරණය කරන ලෙසයි.