2025 අගෝස්තු 15 සිකුරාදා, 06:45
නවතම පුවත්

ලයිට් බිල ගැන වාචිකව මහජන අදහස් විමසීම අද සිට

යෝජිත විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ වාචික මහජන අදහස් විමසීම අද (දෙසැ. 27) සිට දින අටක් පළාත් මට්ටමින් සිදුකෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කරයි.

වාචික මහජන අදහස් විමසීම දෙසැම්බර් 27, 30, ජනවාරි 3, 4, 5, 6, 8, 10 යන දිනවල පිළිවෙළින් මධ්‍යම, ඌව, සබරගමුව, දකුණ, වයඹ, උතුරු මැද, උතුර, නැගෙනහිර, බස්නාහිර යන පළාත්වලදී සැසි නවයකින් සිදුකෙරේ.

එම දිනවල පෙරවරු 8:30 සිට පස්වරු 1:00 දක්වා වාචික මහජන අදහස් විමසීම සිදුකෙරෙනු ඇත.

ඒ අනුව, මධ්‍යම පළාතෙන් ආරම්භ කෙරෙන වාචික මහජන අදහස් විමසීම අද දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීත් 30 වන දින මොනරාගල, ජනවාරි 3 රත්නපුර, ජනවාරි 4 මාතර යන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයන් හිදීද, ජනවාරි 4 වයඹ පළාත් සභා ලිච්ඡවි ශාලාවේදීද, ජනවාරි 5 අනුරාධපුර, ජනවාරි 6 යාපනය, ජනවාරි 8 අම්පාර යන දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයන් හිදීද ජනවාරි 10 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

වාචික මහජන අදහස් විමසීමට සහභාගීත්වය 0772943193 දුරකතන අංකයට කතාකර ඒ බව තහවුරු කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම දන්වා සිටියි.

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව හා ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන මෙම මහජන අදහස් විමසීම අවසන් කර අධ්‍යානය කිරීමෙන් අනතුරුව විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ජනවාරි 17 වන දා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

පවතින විදුලි ගාස්තුව ලබන වසරේ (2025) වසරේ මුල් මාස හයක් යනතුරු සංශෝධනය නොකිරීමට විදුලිබල මණ්ඩලයේ කොමිෂන් සභාව වෙත යෝජනා කර තිබිණි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories