2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 07:56
නවතම පුවත්

ලයිකා මොබයිල් හා ලංකාවේ මාධ්‍ය ජාලයක හිමිකරුවෙකු වන සුබාස්කරන් අල්ලිරාජගේ පක්ෂයෙන් ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහමැතිවරණයට තරඟ කෙරේ

හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂය ලයිකා මොබයිල් හිමිකරු සුබාකරන් අලිරාජා මහතා විසින් මිලදී ගත් පක්ෂය බව වාර්තා වේ.

එම පක්ෂයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ඇති තොරතුරු වලට අනුව එහි ප්‍රථම මාධ්‍ය හමුවට සහභභාගි වූ රන්ජන් රාමනායක, හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හා හිටපු මන්ත්‍රී වඩිවේල සුරේෂ්ගේ මහත්වරුන්  එහි නිලධාරීන් ලෙස සඳහන් වන්නේ නැති බව ද වාර්තා වේ.

ඒ පක්ෂය මැතිවරණයට තරඟ කිරීම සඳහා ජනප්‍රියත්වයක් හා දේශපාලන පසුබිමක් ඇති පිරිසක් මේ වනවිටත් එකතු කරගෙන ඇති බව වාර්තා වන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා හිටපු ඇමතිවරයකු වූ පී චන්ද්‍රසේකරන්ගේ දියණිය ද එකතු කරගෙන ඇතැයි වාර්තාවේ. චන්ද්‍රසේකරන් මහතාගේ පක්ෂයේ වත්මන් නායිකාව වන්නේ ඔහුගේ දියණියයි.

රන්ජන් මයික්‍රෆෝනයෙන්…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ නම් වූ පක්ෂ යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව ඔක්තෝබර් 09 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දුන්නේය.

ඔහු සමඟ එම මාධ්‍ය හමුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතාද සහභාගි වූ අතර ඔහු එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හඳුන්වා දෙනු ලැබීය. 

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙක් ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාද එම මාධ්‍ය හමුවට සහභාගි විය.

එහිදී රන්ජන් රාමනායක මහතා පැවසුවේ පසුගිය ජනාධිපතිවරණය සඳහා ඔහුගේ නමට ඡන්ද හිමි කාඩ් පතක් ලැබුන බවත්, විදේශ ගත වී සිටීම නිසා ඡන්දය ලබාදීමට නොහැකි වූ බවත්ය. 

මැතිවරණ සඳහා තරඟ කිරීමට ඔහුට බාධාවක් ඇත්දැයි මැතිවරණ කොමිසමෙන් විමසූ බවත් එවැනි බාධාවක් නැති බව මැතිවරණ කොමිසම පැවසූ බවත් එහිදී රන්ජන් රාමනායක මහතා පැවසීය.

එමෙන්ම මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් තමාට බාධාවක් ඇත්දැයි නීතිවේදින්ගෙන්ද විමසු බවත් බාධාවක් නැති බව ඔවුන් පැවසූ බවත් ඔහු පැවසිය.

රන්ජන් රාමනායක මහතා  මැතිවරණයට තරග කරන ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයේ ලකුණ වන ”මයික්‍රෆෝනය”  හා එම පක්ෂය ඉංග්‍රීසියෙන් කෙටියෙන් හඳුන්වන යූඩීවී අකුරු සඳහන් පුවත්පත්වල මුල්පිටු සහ අනෙකුත් අකාරයේ ප්‍රචාරක ව්‍යාපෘතියක් ඊට පෙර සිදුවිය.

කලකට ඉහතදී දේශපාලන ලෝකයේ සිටින පිරිස් සුබාස්කරන් අල්ලිරාජා මහතා එල් ටී ටී ඊ හිතවාදියෙක් ලෙස ප්‍රකාශ සිදු කර අයුරු මාධ්‍ය මගින්ද වාර්තා කොට ඇති අතර මේවනවිට ස්වර්නවාහිනී ඇතුළු මාධ්‍ය නාළිකා ගණනාවක හිමිකරු වන්නේද බෙන් හෝල්ඩින්ග් හිමිකරු වශයෙන් පෙනී සිටින සුබාස්කරන් අල්ලිරාජා මහතාය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories