ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවගේ ජීප් රථයට නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) එලෙස නියම කළේය.
එසේම ඩුබායිහි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත රුපියල් ලක්ෂ දෙකක මුදලකට මෙම වෙඩි තැබීම සිදුකරන ලද බව අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් විසින් හෙළිදරව් කර තිබේ.