කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න ඊයේ (13දා) සමගි ජන බලවේගය සමඟ එක්විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ ඔහු පක්ෂයට සහ විපක්ෂ නායකවරයාට සහාය පළ කරන බව දැනුම් දුන්නේය.
පෙරේදා එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක ධුරය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පක්ෂ නායකත්වය විසින් ලබා දීමට එරෙහිව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී විවේචනය කළේය. ඒ සමඟ හට ගත් කලකිරීම හේතුවෙන් ඔහු එම පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගය සමඟ එක්වූ බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.