වාර ප්‍රවේශ පත්‍ර සහිත පාසල් සිසුන් ලංගම බසයට ගැනීම ප්‍රතික්ෂේප කළ නුවරඑළිය ප්‍රදේශයේ කොන්දොස්තරවරයාගේ වැඩ තාවකාලිකව තහනම් කර තිබෙනවා.
ඊට අදාළ වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව සඳහන්.