ලෝක බැංකුවට අයත් World Bank Group නම් වූ ආයතනය නිවේදනයක් නිකුත්කර ඇත්තේ ඉදිරි දශකය තුළ ලෝකයේ රටවල් ගණනාවක රැකියා අභියෝගයට ලක්වන බවයි.
සාමාන්‍යයෙන් දරිද්‍රතාවයෙන් මිදී ස්වාධීන සාර්ථක ජීවිතයක් ගත කිරීමට පුද්ගලයෙකුට රැකියාවක් කිරීමට සිදු වුවත් ඉදිරි දශකය ඇතුලත එය තීරණාත්මක තත්වයකට ලඟා වෙයි.
එහිදී සංවර්ධනය වෙමින් පවතින රටවල තාරුණ්‍ය බිලියන 1.2ක් ශ්‍රම බළකායට පැමිණෙන මුත් පවතින තත්වය අනුව රැකියා නිර්මාණය වන්නේ මිලියන 420ක පමණක් බවයි.
මේ සඳහා කඩිනම් පියවර නොගතහොත් ලොව පුරා මිලියන ගණනක තාරුණ්‍ය මංමුලාවන බව සිහිතබා ගත යුතුයි. ඉන් ඔවුන්ට පෞද්ගලික බලපෑමක් පමණක් නොව සමස්ත සමාජයටම , මුළු මහත් ලෝකයටම බලපෑම් ඇති කරයි.
එබැවින් මේ සඳහා පිළියම් ලෙස පෞද්ගලික අංශයේ රැකියා උත්පාදනයට වැඩි වශයෙන් අවදානය යොමු කළ යුතු වෙයි.