2026 මාර්තු 24 අඟහරුවාදා, 23:47
නවතම පුවත්

ලංකාවේ 60කට සම්බාධක පනවන්න – යස්මින් සූකා ලෝකයෙන් ඉල්ලයි

අන්තර්ජාතික සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය(ITJP) මෙරට මානව හිමිකම් සහ ආර්ථික අපරාධවලට සම්බන්ධ චෝදනා කරමින්, එම පිරිස්වලට එරෙහිව සම්බාධක සහ වීසා තහනම් ඉල්ලීම් 60 කට වඩා ඉදිරිපත් කර ඇත.

මේවා අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ යුරෝපා සංගමය වෙත මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමුකර තිබේ.

ශ්‍රී ලංකා හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන්, දෙමළ අතුරු හමුදාව මෙන්ම විනිසුරුවරුන් සහ හිටපු අමාත්‍යවරුන් ඇතුළු සිවිල් සේවකයන් සම්බන්ධවී සිදුකළ බව කියන බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ සැලකිය යුතු දූෂණ මෙම ඉදිරිපත් කිරීම්වලින් ආවරණය වන බව අන්තර්ජාතික සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය පවසයි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ම්ලේච්ඡ අපරාධවලට නීති විරෝධී ඝාතන, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම් සහ සිවිල් යුද්ධය අතරතුර සහ ඉන් පසුව සිදු කරන ලද විවිධ ආකාරයේ ලිංගික හිංසනයන් ද ඊට ඇතුළත් වේ.

මේවා සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාරවල සිට යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ඇතුළු බරපතල අන්තර්ජාතික අපරාධ දක්වා විහිදේ.

තවද, අසූව දශකයේ අග භාගයේ ශ්‍රී ලංකාවේ සේවයේ යොදවා සිටි කාලපරිච්ඡේදය තුළ දරුණු මානව හිමිකම් කඩකිරීම් සහ මහා සාහසික අපරාධවලට හවුල් වූ බව කියන හඳුනාගත් හිටපු ඉන්දීය සාමසාධක හමුදාවේ නිලධාරීන් ගණනාවක් සඳහා වීසා තහනම් ඉල්ලීම්ද ITJP ඉදිරිපත් කර ඇත.

“මේ දක්වා කිසිදු අපරාධ වගකීමක් නොමැති අවස්ථාවක, අතීත සහ වත්මන් අපරාධ ලේඛනගත කිරීම, සාක්ෂි විශ්ලේෂණය කිරීම සහ සත්‍යය තහවුරු කිරීම සඳහා සෑම අංශයක්ම භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ. එක්සත් රාජධානියේ නව ආණ්ඩුව මේ වසරේ මානව හිමිකම් දිනයේදී ශ්‍රී ලංකාවේ ගැටුම අවසන් වූ සමයේ යුද අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ගේ චෝදනාවට ලක් වූ භූමිකාව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන්ට සම්බාධක කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු” යනුවෙන් ITJP විධායක අධ්‍යක්ෂ යස්මින් සූකා සන්ද්දහන් කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories