ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ (04) අරලියගහ මන්දිරයේදී පැවති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරකවරයා ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් සිය සුබපැතුම් පළ කළ අතර මෙරට දරිද්‍රතාවය පිටුදැකීම, ඩිජිටල්කරණය සහ Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩ පිළිවෙළ ඇගයීමට ලක් කළේය.
මෙහිදී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා ප්‍රධාන අංශයන් කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රි ලංකාව අතර පවතින සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡා වූ බව සඳහන් වේ.
ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීමේදී දේශපාලන බලමුලු ගැන්වීමේ කාර්යභාරය අවධාරණය කරමින් අපේක්ෂකයින් ලෙස පමණක් නොව ක්‍රියාකාරී ඡන්ද දායකයින් ලෙසද දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ දෙපාර්ශවයේ අවධානය යොමුව තිබේ.
වත්මන් සහ ඉදිරියේදී පැනනගින අභියෝග සඳහා ඒකාබද්ධ විසඳුම් සෙවීම පිළිබඳව දෙපාර්ශවයම අදහස් හුවමාරු කර ගත් අතර
සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘෂිකර්මය, දේශගුණික විපර්යාස, සාමය ගොඩනැගීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතුළු ප්‍රධාන අංශ නවයක් කෙරෙහි ද සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව සදහන් වේ.